Hello There!

Welcome to Viron Japan Academy

පුවත් සහ ලිපි

නව JFT Prometric විභාග මධ්‍යස්ථානය සඳහා වූ සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි | Viron Japan Academy

ශ්‍රී ලංකාවේ නව JFT Prometric විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා පැවැත්වූ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව කුරුණෑගල, මහනුවර සහ බදුල්ල යන ප්‍රදේශ The Japan Foundation සහ Prometric ආයතන වෙත යොමු කෙරේ.

නව JFT Prometric විභාග මධ්‍යස්ථානය වෙනුවෙන් පැවැත්වූ සමීක්ෂණයේ ප්‍රතිඵල The Japan Foundation සහ Prometric ආයතන වෙත භාරදෙයි!
 

2027 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන JFT (Japan Foundation Test for Basic Japanese) විභාගය සඳහා නව Prometric විභාග මධ්‍යස්ථානයක් විවෘත කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා සුදුසුම ප්‍රදේශ හඳුනාගැනීමට අප විසින් විශේෂ සමීක්ෂණයක් පවත්වන ලදී.

කොළඹ දිස්ත්‍රික්කයේ දැනට පවතින විභාග මධ්‍යස්ථානයට අමතරව, අපේක්ෂකයින්ට පහසුවෙන් ළඟාවිය හැකි නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීමට අපට සහය වූ සියලුම දෙනාට Viron Japan Academy හි හදපිරි ස්තූතිය පුදකර සිටිමු.

සමීක්ෂණය සඳහා භාවිතා කරන ලද සටහන්:


 

සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵල

Viron Japan Academy නිල ෆේස්බුක් පිටුව සහ ජපන් භාෂා/වීසා තොරතුරු සඳහා වෙන්වූ විවිධ ෆේස්බුක් සමූහ (FB Groups) ඔස්සේ අප වෙත ලැබුණු දහස් සංඛ්‍යාත ප්‍රතිචාර විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, වැඩිම ඉල්ලුමක් පවතින පහත සඳහන් ප්‍රධාන නගර 3 සමීක්ෂණ වාර්තාවලට ඇතුළත් කිරීමට අප කටයුතු කළෙමු:

  1. කුරුණෑගල (Kurunegala)
  2. මහනුවර (Kandy)
  3. බදුල්ල (Badulla)

මෙම සමීක්ෂණ වාර්තා සහ යෝජනා The Japan Foundation (JFT) සහ Prometric බලධාරීන් වෙත මේ වන විටත් නිල වශයෙන් භාරදී දැනුවත් කර ඇත.
 

විශේෂ ස්තූතිය

මෙම සමීක්ෂණය සාර්ථක කරගැනීමට අප වෙත අවස්ථාව ලබාදෙමින් සහයෝගය දැක්වූ ෆේස්බුක් සමූහවල (FB Groups) ගරු Admin වරුන්ට සහ අපහසුතාවයකින් තොරව තමන්ගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ සියලුම ආදරණීය දූ දරුවන්ට සහ අපේක්ෂකයින්ට අපගේ විශේෂ ප්‍රණාමය හිමිවේ.
 

ශ්‍රී ලාංකේය දූ දරුවන්ගේ ජපන් සිහිනය වඩාත් පහසුවෙන් සැබෑ කරදීම වෙනුවෙන් ඉදිරියේදී සිදුවන සුබවාදී පියවර දෙස අප ඉතාමත් බලාපොරොත්තු සහගතව බලන් සිටිමු.

~ Viron Japan Academy

Pubudu Jayarathne

Viron Japan Academy

Viron Japan Academy

Digital content wrangler I UX enthusiast I Recovering educator I
Shameless nerd &GIF connoisseur I Hockey fan.

WhatsApp වැට්